Tuesday, November 4, 2014

අනුරාධපුර යුගයේ කලා ශිල්ප

 
අනුරාධපුර යුගයේ කලා ශිල්ප

අනුරාධපුර යුගය මෙරට පාලන යුගවල දී ඉතාමත් වදගත්ම සංදිස්ථානයක් ගත් රාජධානියකි. මෙරට බිහිවූ රාජධානි අතරින් වැඩිම පාලන යුගයක් පැවතියේ අනුරාධපුර රාජධානියයි. දෙවනපෑතිස් රජු දවස මිහිඳු මාහිමියන් මෙරටට පැමිණි වකවානුවේ සිට අනුරපුර යුගයේ සංස්කෘතිය වඩාත් දියුණුවන්නට විය. මිහිඳු හිමියන් පැමිණීමත් සමග මෙරට සොලොස් කලාවන්ට අයත් කලා ශිල්පීන්ද පමිණි බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම යුගයේදී විශේෂයෙන්ම සංස්කෘතික කලාවන් දියුණු වූයේ බුදු දහම පදනම් කරගෙනය.








ඉසුරුමුණිය පෙම් යුවළ

සලිය අශෝකමාලා හා ශිව පාර්වතී ලෙස අර්ත දක්වන ඉසුරුමුණිය පෙම් යුවළ අපේ රටේ සුවිශේෂ කලා නිර්මාණයකි. ඉසුරුමුණිය විහාරයේ එක් ගල් වැටියක මෙම නිර්මාණය දක්නට හැක.මෙම කැටයම 5 වන සියවසට අයත් යයි සැලකේ. මේ පෙම් යුවල ගුප්ත කැටයම් කලාවේ ආභාසය ප්‍රකට කරතඉ විද්‍යාඥයෝ පවසති.














 

සඳකඩ පහන

විහාර ආරාම වල පියගරපෙළ පාමුල තනා ඇති අර්ධ කවාකාර පාපුවරුව සඳකඩ පහන ලෙස හඳින්වේ. සඳකඩ පහන මධ්‍යයේහි අර්ධ කවාකාර වූ නෙලුම් පෙති මෝස්තරයක්ද එය වටා අර්ධ කවාකාර වූ තීරු වශයෙන් සත්ව වැල් හා ලිය වැල්ද විහිදී තිබේ.
පද්ම රවුම වටා නෙළුම් කැකුළු තුඩින් දකුනට විහිදී හංස රාජ වැලක්ද ඊලඟට කොල මල් සහිත ලිය වැලක්ද අනතුරුව සත්ත්ව පෙරහැරක්ද දක්නට ලැබේ. සිංහ,හස්ති,අශ්ව,ගව යන සතුන් මිශ්‍රව තනි තීරුවේ පෙරහැරක් ආකාරයට අනුරාධපුර යුගයේ සඳකඩ පහන නිර්මාණය වී ඇත.



අශ්ව හිස සහිත මිනිස් රුව

ඉසුරුමුණිය විහාර ගෙයට දකුනු පසින් වූ ගල් පර්වතයේ කොටා ඇති අශ්ව හිසක් සහිත මිනිස් රූපය දක්වෙන කැටයම සම්බන්ධයෙන් පුරා විද්‍යාඥයෝ විවිධ මත පලකරති. කපිල ඍෂිවරයාගේ රූ සටහනක් යයි ආනන්ද කුමාරස්වාමී මහතා කියයි. මිනිස් රූපයෙන් පර්ජන්‍යද(වලාකුළු) අශ්ව හිසින් අග්නි (විදුලිය) නිරූපනය කෙරෙන බව පරණවිතාන මහතාගේ පිළිගැනීමයි. මෙම කටයම් පල්ලව කලා සම්ප්‍රදායට නැකම් කියන්නක් බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.




කුට්ටම් පොකුණ

කුට්ටම් පොකුණ ලෙස හඳින්වෙන්නේ පොකුණු දෙකක එකතුවකි. මින් ලොකු පොකුණ අඩි 132ක් දිගය අඩි 51 ක් පළලය. මෙම පොකුණුවල දිය ගනීමට හා දිය පිටකිරීමට පොළොව යටින් ජල නල යොදා තිබුණි. මෙම පොකුණ තනවන ලද්දේ මහා විහාරයෙහි වූ භික්ශූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහායි.



මුර ගල
 
අතීතයේ සිංහල කලා ශිල්පියාගේ අපූරු නිර්මාණයකි මුරගල. මෙය දොරටු පාල රූපය ලෙසද හඳුන්වයි. කළු ගලින් හෝ හුණු ගලින් නිර්මාණය කළ මේ ගල් පුවරුවේ මුදුන කවා කාර හැඩයකින් යුක්තය පැරණි ගොඩනැගිලි වල පියගැට පෙළ ඉදිරිපිට ඉදිකරන ලද මුරගල කොරවක්ගලට සම්බන්ධ වූවකි. අනුරාධපුර මුල්යුගයට අයත් මුරගල් වල කැටයම් දක්නට නොලැබේ. මුරගල් වල කැටයම් කිරීම ක්‍රමයෙන් ආරම්භ වූවකි. මේ අනුව කලකට පසුව මුරගල් පුන්කලස් යොදා ගෙන අලංකාර කෙරිනි. අනුරාධපුරයේ මහා විජයබා මාලිගයේ හා අස්ගිරිය දොරටුව අභියස ඇති මුරගල් වල එක් තැනක පුන් කලස රේඛා වලින් දක්වා ඇති අතර තවත් අවස්ථාවක බහිරව රූප යොදා මුරගල අලංකාර කර ඇත. එම මුරගල් වලින් නිරූපනය වන්නේ ඉසුරට අධිපති කුවේරයාගේ අතවැසියන් වන පද්මනිධි,සංඛනිධි දෙදෙනා යැයි අදහසක් ද වේ.



වාහල්කඩ



ලාංකීය කලා ශිල්පීන් විසින් සිද්ධස්ථාන සම්බන්ධ කරගනිමින් විවිධ කැටයම් නිර්මාණය කර ඇති අපූරුව දකිය හැකි අවස්ථා බොහෝයි. මේ නිර්මාණ අතර සුවිශේෂ නිර්මාණයක් ලෙස චෛත්‍ය හා සම්බන්ධ වූ වාහල්කඩ හඳින්විය හැකිය. වාහල්කඩ තැනීමේ අදහස කුමක්ද යන්න පැහදිලිව කිවනොහැකි වුවත්, ස්තූප ඉඳිකර ඒවායේ අලංකරය සඳහා කරන ලද නිර්මාණයක් බව හොඳින් පැහැදිලිය. ස්තූපයේ සතර පැත්තේ වාහල්කඩ සතරකින් අලංකාර වන අතර භාරතයේ චෛත්‍යවල වාහල්කඩ හා සමාන අංගයක් ලෙස තොරණ නිර්මාණය කොට තිබේ. වාහල්කඩ ගඩොලින් කරන ලද නිර්මාණයක් වන අතර තොරණ ලීයෙන් කරන ලද නිසා ඒවා අද වනවිට අභාවයට ගොස් තිබේ.

මෙතෙක් හමුවී ඇති වාහල්කඩ අතරින් මිහින්තලේ කන්ඨක චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඩ උසස් කලා නිර්මාණ වලින් යුක්ත වාහල්කඩ ලෙස සලකෙයි. චෛත්‍යයේ සතර පැත්තේ ඇති මෙම වාහල්කඩ වල සිරිපා යුගලක් සටහන් කර පුවරුවක් බැගින් තිබුණි. නිර්මාණය කර ඇති ආකරය හා සැලැස්ම අතින් වාහල්කඩ සතර එකිනෙකට සමාන බවක් පෙන්වයි. නැගෙනහිර වාහල්කඩෙහි පහල තීරුව ඇත් හිස් වලින් නිර්මාණය කර ඇත. ඉහලම තීරු දෙකින් එකක හංස රූප දැක්වෙන අතර අනෙක් තීරුව විවිධ ඉරියවු වලින් සිටින වාමන රූප දැක්වේ.

වාහල්කඩ සතරේ ඇති සෑම ගල් කණුවක් මුදුනේම ඇත්, අස්, ගව, සිංහ රූපයක් දක්නට ලැබෙයි. උතුරු වාහල්කඩ ගල්කනු මත සිංහ රූපයද නගෙනහිර වාහල්කඩ ගල්කනු මුදුනේ ඇත් රූපයද දකුණු වාහල්කඩේ ගව රූප දෙකක්ද බටහිර වාහල්කඩේ අශ්ව රූප දෙකක්ද දක්නට ලැබෙයි.












post by- malaka dushyantha